විදෙස්

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයක

(උදයම්,ඉන්දියාව) – කච්චතිව් දූපතේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර වර්ජනය කිරීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවය.

ලබන 11 සහ 12 යන දින වල කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර ඇත.වාර්ෂිකව 5000ක පමණ පිරිසක් ඉන්දියාවේ සිට කච්චතිව් මංගල්‍ය සඳහා සහභාගී වේ.

නමුත් මෙවර ඊට සහභාගී වීමට බැතිමතුන්ට ධීවර යාත්‍රා ලබානොදෙන බව රාමේෂ්වරම් ධීවරයින් පවසා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද(7)  සිට උපවාසයක් ආරම්භ කරන බව රාමේෂ්වරන් ධීවරයින් පවසා ඇත.

Related posts

අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුට

Mohamed Dilsad

ප්‍රථම වරට චීනයෙන් – ඉරාකයට කොවිඩ් එන්නත් ප්‍රධානයක්

Mohamed Dilsad

නිවසක ඇතිවූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment