ප්‍රමුඛ පුවත 1

හික්කඩුව වෙරළ තීරයේදි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණුවක්…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය විසින් හික්කඩුවට බටහිරින් වූ මුහුදු තිරයේ දී ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්වෙයි.

මෙම අභ්‍යාසය සදහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් P-C3 වර්ගයේ සමුද්‍රීය නිරීක්‍ෂණ ගුවන් යානා 02 ක්, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා 02 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ y-12 වර්ගයේ යානාවක් ද යොදාගෙන ඇත.

මීට පෙරද ශ්‍රී ලංකාව තුළදී විදේශීය ගුවන්යානා, නාවික යාත්‍රා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා යොදාගනිමින් මුහුදේ දී අනතුරට පත් පුද්ගලයින් සෙවීමේ සහ මුදවා ගැනීම ඇතුළු පුහුණු අභ්‍යාස කිහිපයක් සිදුකර ඇත.

මෙවැනි අභ්‍යාසයන් තුළින් කලාපීය වශයෙන් අනෙකුත් හමුදාවන් අතර සිය වෘත්තීමය නිපුණතාවය සහ සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් බව නාවික හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන [PRESS RELEASE]

Mohamed Dilsad

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ප්‍රියානි ජයසිංහගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment