ප්‍රමුඛ පුවත 1

පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ)  – නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ අද ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී ඔහු මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

2005 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල විය.

ඒ අනුව 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනුණි.

Related posts

විභාග වංචා සිද්ධි ගැන CID යෙන් පරීක්ෂණ

Mohamed Dilsad

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක සැකපිට අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment