ප්‍රමුඛ පුවත 1

දින16ට රුපියල් බිලියන 90 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ

(UTV| කොළඹ) – 2019 වසරේ ගත වූ දින 16 තුළ රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

භාණ්ඩාගාරයේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බව සඳහන්ය.

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීම සඳහා මෙම භාණ්ඩාගාර බිල්පත් යොදා ගැනීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

භාණ්ඩාගාරයේ ඉල්ලීම මත ජාතික වශයෙන් වැදගත් අවස්ථාවන් වලදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරිමට මුදල් මණ්ඩලය බැදී සිටින බවද මෙලෙස නිකුත් කර ඇති භාණ්ඩාර බිල්පත් වලින් කොටසක් ලබන මාසයේදී ආපසු ගෙවීමට රජය එකඟවී ඇති බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ පියා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට

Mohamed Dilsad

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment