ප්‍රමුඛ පුවත 1

දරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ පියා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාස 13ක දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින කුඩා දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වීඩියෝව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය ලක්විය.

පසුව පොලීසිය එම දර්ශනවල සිටින පුද්ගලයින් සොයා පරීක්‍ෂණ ආරම්භ කල අතර පසුව අනාවරණ වුයේ එම පියා අනුරාධපුර , මීගලෑව , ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඒ අනුව ඊයේ (16) ඔහු පොලීසියට කැදවා ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති අතර ඉන් අනතුරුව අද (17) ඔහු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම කුඩා දරුවාගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇති අතර අදාළ දර්ශනය වීඩියෝගත කළ ජංගම දුරකථනය සහ මත්පැන් බෝතලය ද පොලිස් භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සමරතුංග මහතා පත් කෙරේ.

Mohamed Dilsad

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

Mohamed Dilsad

Leave a Comment