ප්‍රමුඛ පුවත 1

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

(UTV| කොළඹ) – අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝගයක් නිකුත් කළේය.

ඇප ලබා සිටින මෙම සැකකරුවන් විදෙස් ගත වීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේම එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාටද නියෝග කෙරුණි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment