ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට

(උදයම්,කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට රුපියල් 49ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල මෙම මිල අඩුකිරීමත් සමග රුපියල් 44ක් දක්වා පහල යනු ඇත.

මෙවර අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරන බවට ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිල අඩුකිරීම් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

චමල් රාජපක්‍ෂත් මෙවර ජනාධිපතිවරණයට

Mohamed Dilsad

Leave a Comment