ප්‍රමුඛ පුවත 1

නව වසරේ කැබිනට්ටුව රැස්වීමට සුදානම්

(UTV| කොළඹ) – 2019 වසරට අමාත්‍ය මණ්ඩල අද රැස්වීමට නියමිතය.

අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පසුගිය දෙසැම්බර් 20 වැනිදා නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණු අතර එදිනම කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණි.

එහිදී සිදු කෙරුණේ අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා ගැනීම පමණයි.

ඒ වනවිට අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කර නොතිබුණු අතර විෂය පථයන් ගැසට් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයවේ.

විශේෂයෙන් අද දිනයේ ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

ඊට අමතරව ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ව්‍යාජ රිදුරු බලපත්‍ර සකස් කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment