ප්‍රමුඛ පුවත 1

ශ්‍රි ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින් සොයා ගනී

(UTV| කොළඹ) – මේ දක්වා ශ්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිළධාරින් සමත් වෙයි.

ඊයේ(31) දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි නිවසක සිදුකල වැටලිමකදි මෙම මත්ද්‍රවය තොගය සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස ටෙම්පලර්ස් මාවතේ පිහිටි නිවාස සංකිර්ණයක රැදි සිටි බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනුණි.

ඔවුන් පදිංචිව සිටි නිවසේ තිබි කේක් පෙට්ටිවල සුක්ෂම ලෙස අසුරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් සොයා ගෙන ඇත.

එම නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින්ට තවත් නිවසක යතුරක් සහ ස්වයංක්‍රිය ගේට්ටුවක දුරස්ථ පාළකයක් හමුවි ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබු බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා ගෙන් දිර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරිමේදි දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි නිවස සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.

ඉන්පසුව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින්ගේ සහය ඇතිව දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර එහි තිබියදි කේක් පෙට්ටි සහ වෙනත් ඇසුරුම් වල සකස් කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 269ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 05ක් හමුවි ඇත.

ඒ අනුව මෙම වැටලිමේදි සොයා ගනු ලැබු මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278ක් වන අතර කොකේන් කිලෝග්‍රෑම් 05 මුළු වටිනාකම රුපියල් මිලියන 3000කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියලු පාසැල් හෙට සහ අනිද්දා වසා දැමීමට පියවර

Mohamed Dilsad

පුරාවස්තු සොයා කැනීම් කෙරු සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිට

Mohamed Dilsad

Leave a Comment