ප්‍රමුඛ පුවත 1

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කිරීම පිලිබඳ අවධානය

(උදයම්,කොළඹ)  – ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ.
ඒ මේ වනවිට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවිනි
ඒ අනුව මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 16479 ක් වාර්තා වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 24 කි.
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මසයේ දී රෝගීන්ගේ වැඩිවීමේ අඩුවක් ද දක්නට ලැබේ.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සදහා බලපා ඇති කරුණු පිළිබදව සෞඛ්‍ය, ධීවර, පාලාත් පාලන අමාත්‍යාංශ ඒකාබද්ධව සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්වීමට ද නියමිතය.

Related posts

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

ඇමරිකානු MCC ප්‍රදානයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සබීතා පෙරේරාට ජනාධිපති කොමිසම වෙත (UPDATE)

Mohamed Dilsad

Leave a Comment