ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේ දී නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්තව සේවය කළ නාවික හමුදා නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න සහ ඔවුන්ට අයත් ටෝලර් යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම ඉන්දීය ධීවරයින් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

එජාපය නායකත්ව මණ්ඩලයක් තුලින් මැතිවරණයට තරඟ වැදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

Mohamed Dilsad

උසස් පෙළ විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment