ප්‍රමුඛ පුවත 1

පන්නීර් සෙල්වම්ගෙන් ශෂිකලාට තවත් චෝදනාවක්

(උදයම්,ඉන්දියාව)  –  සිය පක්ෂය ද අහිමි වූ හිටපු මහඇමති  ඕ. පන්නීර් සෙල්වම් ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මාට තව චෝදනාවක් එල්ල කරයි.

පන්නීර් සෙල්වම් එල්ල කරන නව චෝදනාව වන්නේ ජයලලිතාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවස්ථාව චින්නම්මා අහිමි කළ බවටය.

ප්‍රතිකාර ලබාදීම සඳහා ජයලලිතා විදේශ රටකට රැගෙන යාමට පක්ෂය උත්සාහ දරුවද  එය චින්නම්මා කිහිපවරක් වැළැක්වූ බව පන්නීර් සෙල්වම් සඳහන් කර තිබේ.

ජයලලිතාගේ මරණයට චින්නම්මා වගකිව යුතු බවට තමිල්නාඩු ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ පැරණි නායකයෙකු වන පාණ්ඩියන් ද චෝදනා කර ඇත.

චින්නම්මාට තමිල්නාඩු මහඇමති ධුරය හිමි නොවූයේ දූෂණ චෝදනාවකට වැරදිකාරිය වී සිරගතවීම හේතුවෙනි.

.

Related posts

රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

සරසවි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්

Mohamed Dilsad

මෙරට විද්‍යාඥයින් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment