ප්‍රමුඛ පුවත 1

ග‍්‍රෑන්ඞ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ කතක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ග‍්‍රෑන්ඞ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (26) සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ සිදු කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පමුණුගම ප‍්‍රදේශයේ පදිංචි 45 වන වියේ පසුවන්නියක් බව හෙළි වී තිබේ.

ඇය දම්මිකා නිල්මිණී  නම් වන අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු හෙවත් වෙඩි තැබීම සිදුකරන ලද පුද්ගලයා වන බ්ලුමැන්ඩල් සංඛ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරිඳ ලෙසට හඳුනාගෙන ඇත.

ඊයේ (26) පස්වරුවේ මෙම සැකකාරියගේ නිවසට පොලිස් නිලධාරීන් ගොස් තිබුණේ ප්‍රධාන සැකකරු ඇයගේ නිවසට පැමිණ සිටි බවට ලැබුණු තොරතුරකට අනුවය.

එහිදී සැකකරු අපරාධය සිදු කිරීමට පැමිණි අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකතනය සැකකාරිය විසින් පුලුස්සා දමමින් සිට ඇති බවත් එහිදී අඩක් පිළිස්සුනු එම සාක්ෂි පොලිස් භාරයට ගන්න ලදී.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදීම සහ සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීම ආදී චෝදනා මතය.

මෙම සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02යි මිලි ග‍්‍රෑම් 200ක ප‍්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය පැවසීය.

ප්‍රධාන සැකකරු සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද

Mohamed Dilsad

Leave a Comment