ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නවසීලන්ත ජාතිකයෙකු ගාල්ල, වලහංදුව ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.

පොලීසිය සඳහන් කළේ, ගල්ල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

එහිදී සැකකරුගේ නිවසේ තිබූ ගංජා පැළ කිහිපයක් සහ උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසියට භාර දී ඇති අතර ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට ත්‍රීරෝද ගාස්තුද නගී

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ රැලි සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment