ක්‍රීඩා

ඕස්ට්‍රේලියා කණ්ඩායානු කණ්ඩායමට නායකයින් දෙදෙනෙක්

(UTV| කොළඹ) – ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට නායකයන් දෙදෙනෙක් නම් කර තිබේ.

ඒ නිත්‍ය නායක ටිම් පයිනේට අමතරව හත් හැවැරිදි ආචි ස්චිලර්ටය.

ආචි දරුණු හදවත් රෝගයකින් පෙළෙන දරුවෙකි.

ඔහුගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීමයි.

මේ පුංචි දරුවාගේ අහිංසක සිහිනය සැබෑවක් කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබයි.

ආචි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් මේ දිනවල පුහුණුවීම් හි නිරත වන බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ පැවැත්වීමට තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන පළමු ඇමරිකානුවා

Mohamed Dilsad

ආසියානු කාන්තා ක්‍රිකට් කවුන්සිල අවසන් තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment