ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ප්‍රවාහනය කල සැකකරු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සොයාගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක තොගය ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු යටියන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

යටියන්තොට පොලීසියට ලද තොරතුරක් මත අද(07) උදෑසන 11.50 පමණ යටියන්තොට පහල ගරාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේදී මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව ද පොලිස් බාරයට ගෙන තිබූ අතර එහි හිමිකරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන යාත්‍රා හිමිකරු යටියන්තොට ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරක් මත යටියන්තොට පොලීසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී සැකකරු කැලණි ගඟට පැන ඇත. පසුව පොලිස් නිලධාරීන් මහත් වෙහෙසක් දරා ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද සොයාගෙන ඇති අතර ඔහු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන් ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

Leave a Comment