ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාග වංචාවකට සම්බන්ධ සිසුවෙක් සහ ගුරුවරියක අත්අඩංගුවට

(UTV|බලංගොඩ) – ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(06) දිනයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියු බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරියක සමග දුරකතනය ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා විභාග රාජකාරී අතරතුරු අයැදුම්කරුට කෙටි පණිවුඩ මාර්ගයෙන් පිළිතුරු ඒවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මේ අනුව මෙම සිසුවාගේ විභාග ප්‍රථිපල අත්හිටුවන අතර වසර 5කට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු වනු ලබන කිසිදු විභාගයකට පෙනීසිටිය නොහැකි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment