ක්‍රීඩාවිදෙස්

ක්‍රිස් ගේල්ට වන්දියක්

(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයකට එරෙහිව ගොනු කළ අපහාස නඩුවක් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරී ක්‍රීඩක ක්‍රිස්ගෙල්ට වන්දියක් ලබා දෙන්නැයි අධිකරණය නියම කර තිබේ.

ඒ ඕස්ට්‍රේලියානු ඩොලර් තුන් ලක්ෂයක වන්දියකි.

2015 වසරේ පැවිති ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලා කාලසීමාවේදී ගේල් එක්තරා සේවිකාවක් ඉදිරියේ අවිනීතව හැසිරී ඇති බව පවසමින් පළ කළ වාර්තාවක් හේතුවෙනුයි මෙම වන්දිය ලබා දීමට නියමිත වී ඇත්තේ.

එම චෝදනා එල්ල වු සමයේම ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ ක්‍රිස් ගෙල් සඳහන් කලේ එමගින් තමන්ට සහ තම ක්‍රීඩා දිවියට බරපතල අසාධාරණයක් සිදු වී ඇති බවයි.

එබැවින් කොදෙව් සුපිරි ක්‍රීඩකයා අදාල මාධ්‍ය ආයතනයට එරෙහිව නඩු පවරා තිබුණා. කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනය සඳහන් කළේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32 දෙනෙකු මරුට

Mohamed Dilsad

එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment