ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (03)  පස්වරුවේ මෙම සැකකරු වව්නතිව් පොලිසියේ නිලධාරීන් විසින් කොටු කර ගෙන ඇත.

ඔහු හිටපු LTTE. බුද්ධි අංශ නායකයෙකු බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් අනතුරකින් 19ක් රෝහලේ

Mohamed Dilsad

ලංගම බස් රථයකට අලාභ හානි කළ 05 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – ජෝර්ජියා නායක හමුව

Mohamed Dilsad

Leave a Comment