ප්‍රමුඛ පුවත 1

ලංගම බස් රථයකට අලාභ හානි කළ 05 දෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) –  බස් රථයකට කනගරායන්කුලම ප‍්‍රදේශයේදී ගල් ගසා අලාභ හානි සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු  අත්අඩංගුවට ගැනේ.

පසුගියදා යාපනය සිට නුවර බලා ධාවනය වු ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට මෙලෙස පිරිසක් පහරදී තිබුණි.

ඒ අනුව සැකකරුවන් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ගල් ප‍්‍රහාර වැදීමෙන් බස් රථයේ වීදුරු කිහිපයක් කැඞී ගොස් ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු පොලීසිය වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව බස් රථයට ගල් ගැසු අවුරුදු 25 ක් පමණ වයසේ තරුණයින් පස් දෙනෙකු මෙලෙස පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 2340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

චීනයෙන් ගෙන්වූ අළුත් දුම්රිය කට්ටලය

Mohamed Dilsad

Leave a Comment