ප්‍රමුඛ පුවත 1

නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අද

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම අද සිදු කෙරේ.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී  සිදු කෙරෙනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග 2 ක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී ඇති බව අදාළ පෙත්සමෙහි දැක්වේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසිරී ගොස් ඇති බව කථානායකවරයා ප්‍රකාශ කර ඇති නිසා අදාළ පිරිස තවදුරටත් අමාත්‍ය ධුර දැරීම වළක්වන ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

Mohamed Dilsad

ලංවීමට අද රාත්‍රියේ සිට සංස්ථාවෙන් තෙල් නෑ

Mohamed Dilsad

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment