ප්‍රමුඛ පුවත 1

එජාපයේ ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහැර කොළඹින් අරඹයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහැර අද (01) පෙරවරුවේ කොළඹ නගර සභා පිටිය අසලින් ආරම්භ විය.‍

මෙම රිය පෙරහර කළුතර, ගාල්ල, මාතර  නගර පසුකරමින් පළමු දිනයේ දී දෙවිනුවරින් අවසන් කිරීමට නියමිතව ඇත.

ඉන්පසුව හෙට (02) පෙරවරු 7.30ට තංගල්ල නගරයේදී පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් පසුව කතරගම දේවාලයේ දේව පූජාවට සහභාගී වීමට ද නියමිතය.

රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරස්ථානයට පැමිණීමෙන් පසුව ඊට සහභාගී වන පිරිස අධිෂ්ඨාන පූජාවක් පවත්වා දෙදිනක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related posts

සජිත් සහ ගෝඨාගේ යෝජනාවකට ජනපති විරෝධය

Mohamed Dilsad

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම ලබන පළමුවනදා සිට තහනම්

Mohamed Dilsad

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment