ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල යළි ත් පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මගී ජනතාව ප්‍රශ්න කරයි.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බස් සංගම් සමග සාකච්ඡා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති M.A.P. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, පසුගිය මස පළමුවැනිදා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය 15 වැනි දා ඩිසල් මිල රුපියල් 05 කින් අඩු කිරීමට රජය පියවර ගත් බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 5.00 කින් අඩු කිරීමට රජය කටයුතු කළ බව ඔහු පැවසුවේය.

එවැනි තත්ත්වයක් යටතේ මසක් ඇතුළත ඩීසල් මිල මේ වනවිට රුපියල් 17 කින් පහළ ගොස් ඇත.

බස් ගාස්තු සංශෝධනයකට රුපියල් 14 කින් ඩීසල් ලීටරයක මිල වෙනස්වීම ප්‍රමාණවත් බව සභාපතිවරයා පෙන්වා දෙයි.

එහෙත් පසුගිය මස පළමුවැනිදා රුපියල් 07 කින් ඩීසල් මිල අඩුකළ පසුව සුළු වශයෙන් බස් ගාස්තු අඩුවීමක් කළ බව ද ඔහු පැවසුවේය.

එහෙත් පවතින තත්ත්වය යටතේ නිශ්චිතවම බස් ගාස්තු පහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බව ද ඔහු පැවසීය

මේ පිළිබඳව සියලු පෞද්ගලික බස් සංගම් සමග සාකච්ඡා කර ලබන සතියේ තීරණයකට එළඹෙන බව සභාපතිවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ පොලිස් ඒකක

Mohamed Dilsad

අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්න

Mohamed Dilsad

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment