ප්‍රමුඛ පුවත 1

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,මුලතිව්)  –  මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත් නාවික නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදී ඔවුන් සතුව තිබී වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන ප්ලාස්ටික් කූරු 25ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද (10) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

නිහඬ කාලය තුළ මැතිවරණ පැමිණිලි රැසක්

Mohamed Dilsad

තැපැල් සේවක ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

Mohamed Dilsad

Leave a Comment