ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි හා සුළං….

අද (29) දිනයේත් උතුරු, නැගෙනහිර, උතුරු – මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනිකුත් පළාත්වල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

එමෙන්ම අකුණු වලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට TNA සහය

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment