ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු පිරිසකට උසස්වීම්

(UTV| කොළඹ) – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ.

පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත එම උසස් වීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

2018 ජුලි 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර ඇත්තේ වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව ය.

මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවකදී ඇති වූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.

තවත් 17 දෙනෙකු 2014 සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගත් ලකුණු අනුව පත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

Mohamed Dilsad

මඩකලපුව හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරු ත්‍රස්තවාදියාගේ හිස යළි ගොඩ ගැනේ [video]

Mohamed Dilsad

Leave a Comment