ක්‍රීඩා

ශ්‍රී ලංකාව – ස්කොට්ලන්තය අතර එක්දින තරගාවලියක්

(UTV| කොළඹ) – 2019 මැයි මස 30 වැනිදා සිට ජුලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ හා වේල්සයේ පැවැත්විමට නියමීත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරග 02 කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වෙන බව ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

එ අනුව මැයි 18 වැනිදා සහ මැයි මස 21 වැනිදා යන දිනවල මෙම තරග පැවැත්වෙන බවද එම නිවේදනයෙහි සඳහන් කර තිබේ.

එසේම තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදි නිවේදනය කරන බවද එහි සඳහන්.

2017 වර්ෂයේදි චැම්පියන්ස් කුසලානයට පෙරද ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරග දෙකකින් යුත් එක්දින තරග තරගාවලියක් පවත්වා ඇති අතර එහිදි 1-1 ලෙස තරගාවලිය සම තත්වයෙන් අවසන් වි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය ලබන 13 වැනිදා

Mohamed Dilsad

ලසිත් මාලිංග ලීග් තරඟාවලියෙන් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment