ප්‍රමුඛ පුවත 1

තලවාකැලේ- පූණ්ඩළුඔය මාර්ගය පස් කන්දක් පෙරලී අවහිර වෙයි

(UTV| කොළඹ) – තලවාකැලේ, පූණ්ඩළුඔය  ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.

ඒ අද (24) අළුයම  මැඳකුඹුර ප්‍රදේශයේදී  එම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීම හේතුවෙනි.

ඊයේ(23) රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ පස්, ගල් හා ගස් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර විය.

එබැවින් තලවාකැලේ සිට පූණ්ඩළුඔය දක්වා ධාවනය කරන රථ වාහන මැඳකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි බව පූණ්ඩළුඔය පොලීසිය පැවසීය.

මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතුවල මේ වන විට පූණ්ඩළුඔය පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාමසාන් උපවාස සමය හෙට සිට

Mohamed Dilsad

ගෝඨාභයගේ මාධ්‍ය හමුව ගැන පළ වූ අදහස් [VIDEO]

Mohamed Dilsad

කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක් 

Mohamed Dilsad

Leave a Comment