ප්‍රමුඛ පුවත 1

නියෝමාල් රංගජීව යළි සේවයට

(UTV| කොළඹ) – වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21) සිට යළි සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

2011 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන සිදුවීම්වලට අදාළව පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත්  සමග ඔහු වැඩි තහනමකට ලක්විය.

පසුව ඇප ලබා නිදහස් වූ රංජීව මතතා යළි සේවයේ පිහිටුවන ලෙසට පසුගිය 19 දා පොලිස්පති සහන මැදිරියට අභියාචනාවක් ඉදිරිපත් කර ඇති අතර එය සැලකිල්ලට ගෙන ඊයේ (21) සිට ඔහු යළිත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට අනුයුක්ත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීවිල් පැදවීමට අදාළව නියෝග කිහිපයක් ගැසට් කෙරේ

Mohamed Dilsad

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

Mohamed Dilsad

Leave a Comment