ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට අද වැසි

(UTV| කොළඹ) – දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ටවැඩි ඉතා තද වැසි ද ඇති විය හැක අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට…

Mohamed Dilsad

Leave a Comment