ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයින්ගේ හැසීරිම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන බව නීතිඥවරු පවසති.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ සුනිල් වටගල මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව තුළ පසුගිය දා ඇති වු තත්ත්වය හේතුවෙන් මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බවත්, එවැන්නක් ඉදිරිපත් වේදැයි නීතිඥයෝ වශයෙන් බලා සිටින බව ද සුනිල් වටගල මහතා මෙහිදී කියා සිටියේය.

මේ නිසා පාර්ලිමේන්තුවේ සිටින සියළු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලිය යුතු බවත්, ජනතාවට ද ඉදිරියේ දී මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීමේ දී කුමන ආකාරයේ නිර්දේශයන් ගත යුතු ද යන්න පිළිබඳ සොයා බැලීමට වගකීමක් ඇති බව ද වටගල මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුලියේ රතන හිමිගේ සහය ගොඨාභයට

Mohamed Dilsad

මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක්

Mohamed Dilsad

අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment