විදෙස්

බංගලාදේශයේත් දේශපාලන අර්බුදයක්

(UTV|බංගලාදේශය) – බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ පවසයි.

මහ මැතිවරණය මාසයකින් කල් දමන ලෙසට මීට පෙර තමන් මැතිවරණ කොමිසමෙන් තමන් ඉල්ලා සිටි බව විපක්ෂ ප්‍රධානීන් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් බංග්ලාදේශ මහ මැතිවරණය දෙසැම්බර් 30 වන දා පැවැත්වීමට ඊයේ එරට මැතිවරණ කොමසාරිස් නුරූල් හූදා තීරණය කළේ ය.

මීට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 23 වැනිදාය.

විපක්ෂ කණ්ඩායම් මෙලෙස මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියේ, ඒ සදහා සූදානම් වීමට කාලය අවශ්‍ය බව පවසමිනි.

විපක්ෂ කණ්ඩායම් පවසන්නේ නත්තල් සමය තුළ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන්, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පවා එම කාලය තුල බංග්ලාදේශයට නොපැමිණෙනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසයට 563 ක් ගොදුරුවෙයි

Mohamed Dilsad

ISIS සංවිධානය විසින් ටියුනීසියාවේ අගනුවරට ප්‍රහාරයක්

Mohamed Dilsad

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment