ප්‍රමුඛ පුවත 1

රවිගේ දියණිය අද අධිකරණයට

(UTV| කොළඹ)  – හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

ඒ බැඳුම්කර වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දුවී අසත්‍ය පවසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පසුගියදා ලබාදුන් නියෝගයකට අනුව අද ඇය අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

අධිකරණ නියෝග මත තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියද එහි නිලධාරීන් ඒ පිළිබඳ සැළකිල්ලක් නොගෙන සිටි බවට ඔනෙලා කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මීට  පෙර අධිකරණයේ ප්‍රකාශ කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් යානයක් තුළදී කාන්තාවක් මිය යයි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment