විදෙස්

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

(UTV|ඇමෙරිකාව) –  වසර 08කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  ගිලිහෙනු ඇති බව වාර්තාවේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව සෙනට් සභාවේ බලය ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයටත් හිමිවනු ඇති බවයි.

මෙම මැතිවරණයේදී ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණඩලයේ ආසන 435ක්, සෙනට් සභාවේ ආසන 35ක් සහ ආණ්ඩුකාර තනතුරු 39ක් සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ වැඩි පිරිසක් කාන්තාවන් බවද වාර්තාවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment