ප්‍රමුඛ පුවත 1

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – මාරවිල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(04) පස්වරුවේ ‍මාරවිල, තෝප්පුව මාර්ගයේ තුඩාවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එසේම තෝප්පුව මාදම්මේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පා පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුර සිදුකර පලා ගොස් ඇති ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

අගමැති රනිල්ට එරෙහි රිට් ආඥා පෙත්සම ප්‍රතික්‍ෂේප වෙයි.

Mohamed Dilsad

Leave a Comment