ප්‍රමුඛ පුවත 1

ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයි

(UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත‍්‍රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම ප‍්‍රදේශවල අද රාත‍්‍රිය වනවිට අඩු පීඩන තත්වයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

මේ නිසා අද(05) රාත‍්‍රියේ සිට දිවයින සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන සුව ඇමති කියන කතාව

Mohamed Dilsad

පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment