ප්‍රමුඛ පුවත 1

34 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේ

(උදයම්,කොළඹ)  – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කවුන්සිලයේ 34 වන සැසිවාරය අද(27) සිට මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගීවිම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා නුවර ලබා පිටත්වගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට(28) දිනයේදි ජිනීවා මානව  හිමිකම් සැසිය ඇමතීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මීට අමතරව සුළු ජාතීන්ගේ ගැටළු පිළිබද සොයා බැලීම සඳහා මෙරටට පැමිණි විශේෂ නියෝජිතවරියගේ වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කර තිබේ.

 

Related posts

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment