ප්‍රමුඛ පුවත 1

ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේ

(උදයම්,නුවර )  – කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින්  මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු පුද්ගලයින් 5 ක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අම්බලම ආසන්නයේ නවතා තබා තිබු ජිප් රථයක් පාරේ ආපස්සට ධාවනය වී අඩි 100 ක පමණ ප්‍රපාතයට ඇද වැටී ඇත.
මේ වන විට තුවාල ලැබු වජිර හිමියන් ඇතුළු පිරිස මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් බරපතළ තත්ත්වයේ පසුවෙන එක් අයෙක් කෑගල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන්  මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි

Mohamed Dilsad

තද වැසි-මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment