ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

(UTV| කොළඹ) – පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 14 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් උප්පුරල් සහ කල්ලඩි ප්‍රදේශ වලදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 400 ක්, තහනම් දැල් 03 ක් සහ ඩිංගි යාත්‍රා 04 ක් හා අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල් සහ ඩිංගි යාත්‍රා හා අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය ඔක්තෝබර් 16 වන දින පූනාඩි ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 750 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රා 03 ක් හා අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල සහ ඩිංගි යාත්‍රා හා අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ඔක්තෝබර් 19 සහ 20 වන දිනයන් හීදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 41 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය ඔක්තෝබර් 19 වන දින රවුන්ඩ් දූපතට නාවික සැතපුම් 1.1ක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැල් 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් හා අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල් සහ ඩිංගි යාත්‍රා හා අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය ඔක්තෝබර් 20 වන දින උතුරු මැද නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයකදී පේසාලේ සිට නාවික සැතපුම් 3 ක් ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ සැකකටයුතු ගෝනි 12 සොයාගෙන ඇත. එහිදී එම ගෝනි තුල තිබී බීඩිකොළ කීලෝග්‍රෑම් 748.04 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.

UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර ඊට එරෙහිව පැවැත්වූ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය අද ‌‌කොළඹදී

Mohamed Dilsad

පොලිසිය නව ඇමතුම් අංක 03ක් හඳුන්වා දෙයි.

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment