ප්‍රමුඛ පුවත 1

මෙතෙක් හෙළි නොකළ ඉන්ධන් මිල සුත්‍රය මෙන්න

(UTV| කොළඹ) – ආන්දෝළනයට පත් ව තිබූ ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී  හෙළි කළේ ය.

MRP =V1+V2+V3+V4 ලෙස අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළ මිල සූත්‍රයේ සඳහන් වී තිබේ.

එහිදී මිලසූත්‍රයේ සමීකරණය පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේ ය.

මේක තමයි සරළව පසුගිය මැයි මාසයේ 11 වෙනිදා,මිල සූත්‍රය ලෙස  හැම මාසයේ ම ගනන් හදලා ජනතාවට ඉදිරිපත් කළේ. එහි MRP කියන්නේ උපරිම සිල්ලර මිලයි. ගනනය  කරන්නේ. ප්‍රධාන දර්ශක හතරක් පදනම් කරගෙනයි. V 01 කියන්නේ වරායේ ගොඩබාන පිරිවැයයි.

මෙහිදී බැරලයක් සඳහා වියදම්වන සිංගප්පූරු ප්ලැට්ස් මිල මෙන් ම වාෂ්ප වීම රුපියලේ හුවමාරු වටිනාකම,සැලකිල්ලට  ගන්නවා. V 2 කියන්නේ, සැකසීමේ වියදම්,දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන් අනාස්ති ,වෙලඳ නියෝජිතයන්ගේ  වට්ටම්,වාෂ්ප වීම් හා තොග රඳව ගැනීමේ වියදම් ද මෙයට ඇතුළත් කරනවා. V3 කියන්නේ සේවක වැටුම් දීමනා,පරිපාලනමය වියදම්,රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආයතනික වියදම් ඇතුළත් වෙනවා. V4 ට රේගු ආනයන බදු, වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු, ජාතික ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම් ය. මේ දර්ශක හතරේ එකතුව තමයි, මාසයේ පරිම මිල ලෙස සඳහන් කරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

Mohamed Dilsad

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

Mohamed Dilsad

තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවත්වීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment