ප්‍රමුඛ පුවත 1

යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

(UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී.

ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල ඉහළ යාම හේතුවෙනි.

ඔවුන් විසින් දහවල් කාලයේ පවා කඩු පොලු රැගෙන යාපනයේ මාර්ගවල ගමන් කොට ඔවුන්ට අවශ්‍ය ස්ථානවලදී රත්තරන් ඇතුළු මුදල් මංකොල්ල කෑමට පටන් ගැනීමත් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමටත් පටන් ගෙන ඇති බව වාර්තාවේ.

යාපනය, නගර සීමාව ඇතුළු ප්‍රදේශයේ ඊයේ (14) සවස සිට පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව පොලිසිය පැවසීය.

උසස් නිළධාරීන්ගෙන් ලද නියෝග අනුව පොලිස් නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා අදාළ සොදිසි මෙහෙයුම සිදුකර තිබේ.

යාපනය නගරය, යාපනය කොක්කුවිල්, තිරුනෙල්වේලි ප්‍රදේශයන්ගේ අදාළ සෝදිසි මෙහෙයුම් සිදුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

Mohamed Dilsad

අමල් කරුණාසේකරට ඇප

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment