ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාරවලට අද සිට STF ආරක්‍ෂාව

(UTV| කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අද (15) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිත බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

එහි ජේ‍ෂ්ඨ සහකාර ලේකම් බන්දු ජයසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ එහි පළමු අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් 300ක් බන්ධනාගාර 03 කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා භටයින් 200ක්ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා භටයින් 100 ක් ද මෙසේ අනුයුක්ත කෙරෙනු ඇත.

බන්ධනාගාර තුළට පිටතින් පැමිණෙන නීති විරෝධී දේ වැළැක්වීම, ආරක්ෂාව තර කිරීම, වෙනත් අක්‍රමිකතා මැඩපැවැත්වීම මෙහි අරමුණ බව එ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තිරිඟු පිටි බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

නුවරඑළියට මල් තුහින

Mohamed Dilsad

එමිල් රන්ජන් ළමාහේවා සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment