ප්‍රමුඛ පුවත 1

නුවරඑළියට මල් තුහින

(UTV|කොළඹ) – ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත්, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේ සහ කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින්විට හමන (පැ.කි.මී 30-40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අදයි

Mohamed Dilsad

එජාපයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක්?

Mohamed Dilsad

Leave a Comment