Trending News

සැබෑ මිත‍්‍රයෙක් ලෙස චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව සමගයි


සැබෑ මිත‍්‍රයෙක් ලෙස චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව සමග සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ පවසති.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ සභාපති Song Tao මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළහ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත්, චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන සබදතා ඉදිරියේදී තවත් වැඩිදියුණු කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්වූ අතර ඒ සදහා පක්ෂ දෙක අතර නිලධාරී මට්ටමේ හමුවීම් ඉදිරියේදී ඉහළනංවා ගැනීම පිළිබදව ද අවධානය යොමු විය.

ලබන ජූනි මාසයේ චීනයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක් සදහා ද මෙහිදි චීන කොමියුනිස්ට් පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසකට ආරාධනා කරනු ලැබීය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සබදතා ඉහළ නංවා ගැනීම දෙරටේ සබදතාවලට ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගමින් යහපත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යාම තම අරමුණ බව ද කියා සිටියේය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සදහා චීනය ලබාදෙන සහය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා එම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටේ ආර්ථිකය ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබාදෙන බවත් චීන – ශී‍්‍ර ලංකා සබදතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම වත්මන් රජයේ අරමුණ බවත් කියා සිටියේය.තම ඉල්ලීම පරිදි චීන රජයේ ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන වකුගඩු රෝහලේ ඉදිකිරීම් මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

ජාතින් අතර සහයෝගය ඉහළ නංවා ගනිමින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් චීන ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙයාම පිළිබදව ද ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළහ.

Related posts

2018 Local Government Election – Puttalam – Vanathawillu

Mohamed Dilsad

Indo – Lanka accord is a sound framework, say Indian experts

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කරයි.

Editor O

Leave a Comment