ප්‍රමුඛ පුවත 1

තලවකැලේ වතු කම්කරු පවුල් 300ක් ඉවත් කෙරේ

(UTV|නුවරඑළිය) – තලවකැලේ වතු කම්කරු පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් අද (03) අළුයම ඉවත් කර තිබේ.

ඒ තලවාකැලේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්දක් නාය යෑමේ අවදානමක් හේතුවෙනි.

තලවාකැලේ ග්‍රේට් වෙස්ටන් තේ වතුයායේ, ලූසා කොටසේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්දක් ඊයේ (02) රාත්‍රී අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවධානමක් මතුව තිබේ.

මේ හේතුවෙන් එම නිවාසවල පදිංචි පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් එම ප්‍රදේශ වලින් ඉවත් කර ශ්‍රී මුත්තු මාරි අම්මන් හින්දු කෝවිලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටිති.

ඊයේ රාත්‍රී ප්‍රදේශයට ඇඳ හැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ වතු නිවාස පේළියට ඉහළින් පිහිටි කන්දෙන් ගල් පෙරළෙන ශබ්ද ඇසුන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ වන විට තලවාකැලේ පොලීසිය එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත.

ග්‍රේට් වෙස්ටන් තේ වතුයායේ පාලනාධිකාරිය මඟින් අවතැන්ව සිටින පිරිසට පහසුකම් සපයා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

සමෘද්ධි නිලධාරීන් විපක්‍ෂ නායකවරයා හමුවෙයි

Mohamed Dilsad

සජිත් වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම් ගැන තුෂාර කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment