ප්‍රමුඛ පුවත 1

ජනප්‍රිය ගායක දමිත් අසංක රිමාන්ඩ්

(UTV| කොළඹ) – ජනප්‍රිය ගායක දමිත් අසංක ඔක්තෝබර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා අධිකරණය නියෝග කරයි.

ඒ මානසික විකෘතියකින් හැසිරී යැයි සැකපිටය.

ඔහු කුඩාඔය ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ඔහු ඇතිලිවැව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සිවුරක් ගෙන සිවුර ‍පොරවාගෙන විකෘති මනසකින් යුක්තව සිටින බවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් හා ඔහුගේ ඥාතීන් කුඩා ඔය ‍පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව කුඩාඔය ‍පොලීසිය මගින් දමිත් අසංකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන හෙයින් ඔහු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස ‍පොලීසිය මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කොට ඔක්තෝබර් 09 දින වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ‍පොලීසියට නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෘෂි සහ වැවිලි කර්මාන්තය සඳහා වැඩි අවදානයක් [VIDEO]

Mohamed Dilsad

“විල්පත්තු වනය විනාශ කරන බව චෝදනා කිරීම අමූලික බොරුවක් ” – අමාත්‍ය රිෂාද් බදියුදීන්

Mohamed Dilsad

ජාතිවාදය වැපිරූ අය ජන්ද ලබාගැනීමට කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment