ප්‍රමුඛ පුවත 1

ආගමන හා විගමන නිලධාරීන් අද අකුරට වැඩ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අද(17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.

ඒ  නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල මහතා කියා සිටියේ මීට සමගාමීව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිරිපිට අද රාත්‍රියේ නිහඩ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි.

ගුවන් තොටුපල සහ වරාය ආගමන – විගමන නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර දිගුකාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී දැඩි නීති රීති

Mohamed Dilsad

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment