ව්‍යාපාරික

එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහ යටතේ කෑගල්ලේ ව්‍යවසායකයින්ට ණය ලබා දීම විධිමත් කෙරේ

UTV | COLOMBO – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ව්‍යවසායකයින් සඳහා ණය ලබා දීමේ දී පැන නඟින ගැටළුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායිකයින් හා බැංකු ආයතන සම්බන්ධ වූ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී ව්‍යවසාකයින් ණය ලබා ගැනීමේ දී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු සාකච්ඡාවට බඳුන් වූ අතර ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන වල දිස්ත්‍රික් නියෝජිතයන් රැසක් හා ණය අයදුම්පත් ඉදිරිපත් කොට ගැටළු මතු වූ ව්‍යවසායකයින් රැසක් ද සහභාගී වූහ.

Related posts

ලොකු ළූණු වගාවට අනතුරක්

Mohamed Dilsad

එළවළු කිහිපයකම මිල පහළට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Editor O

Leave a Comment