ප්‍රමුඛ පුවත 1

අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කදවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි

UTV | COLOMBO  – අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කදවුරේම සෙබලූන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. මෙහිදී අදාළ සෙබලාගෙන් පැහැර ගත් ගිනි අවිය ද සොයාගෙන ඇති අතර, සෙබලා ඝාතනය කිරීම සඳහා යොදා ගත් තියුණු ආයුධය ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සෙබලූන් දෙදෙනා 27 සහ 29 හැවිරිදි කොටදෙනියාව සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය සිකුරාදා අලූයම මෙම ඝාතන සිද්ධිය වාර්තා වූ අතර, ඝාතනයට ලක්වුණේ කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි හමුදා සෙබලෙක්.

එසේම ඔහු සිය පවුලේ දෙවැන්නායි.

මීට වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට එක්වී ඇති  ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.

Related posts

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණයේ වැදගත්කම

Mohamed Dilsad

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

Leave a Comment