Trending News

නවකවදය වැළැක්වීමට පියවර ගන්නැයි ජනපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස්

(උදයම්,කොළඹ)  – බහුතරයක් වූ විනයගරුක සිසු පිරිසකගේ අධ්‍යාපනයට බාධා එල්ල කරමින් ඉතා සුළුතරයක් විසින් විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක කරනු ලබන නවකවදය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියත් සමග එක්ව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් තමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපතිවරයා පවසයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිඛෙන අතර එම වගකීම කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල තුළ මිලේච්ඡත්වයට හෝ කැලෑ නීතියට ඉඩ තැබිය නොහැකි බව ද අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 75 වන සංවත්සර උත්සවයට අද (22) පෙරවරුවේ එක්වෙමිනි.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් නවක සිසුන්ට ලබාදෙන ලද අමානුෂික නවකවදය නිදහස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් බව ද පැවසූ ජනාධිපතිවරයා ඒ පිලිබඳ තමා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසීම් සිදු කළ බවත් මෙම ම්ලේච්ඡ කි්‍රයාව පිළිබඳ රජයේ දැඩි කනගාටුව පළ කරන බවත් කියා සිටියේය.

උගතුන් සහ බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාලයේ ගෞරවය මෙවන් ක්‍රියා තුළින් කෙළසා ගැනීම නිදහස් අධ්‍යාපනයට කරන අගෞරවයක් බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ වසර 40 – 50 ක ඉතිහාසය තුළ නවකවදය පිළිබඳ කළු පැල්ලම් රැසක් එක් කර තිබෙන බවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ අනාගතය පිළිබඳ දෙමාපියන් හෙළන සැනසුම් සුුසුම් දුක් කඳුළු බවට පත් කිරීමට දරුවන් කටයුතු නොකළ යුතු බවත් කියා සිටියේය.

Related posts

Navy proves professional expertise in salvage of HMNS SS Sagaing sank during WW II

Mohamed Dilsad

உலகின் மிக நீளமான ’வெள்ளை யானை’ கடல் பாலம் திறந்து வைப்பு

Mohamed Dilsad

Twitter urges all users to change passwords after glitch

Mohamed Dilsad

Leave a Comment